FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියා ජනපතිනිය වු පාර්ක් ජුන්ව ධුරයෙන් නෙරපයි…

දකුණු කොරියා පළමු ජනපතිනිය වු පාර්ක් ජුන් හෛ දෝෂාභියෝගයක් ධූරයෙන් ඉවත් කිරීමට එරට පාර්ලිමේන්තුව අද (09) කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව අද පැවති දෝෂාභියෝගයේදී 300 දෙනෙකුගේ යුත් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 234ක් හෙවත්,තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කර තිබේ.

මිත්‍ර සංග්‍රහයක් කරමින් රාජ්‍ය සම්පත් අවභාවිත කළ දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි ට එරෙහි දෝෂාභියෝග යෝජනාව වෙනුවෙන් එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (09දා) පැවැත්වුණි

ඇය සිය පෞද්ගලික සහායිකාවක හා අගේ සමීප මිතුරියක වූ චොයි සූන්-සිල් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා අයුතු බලයක් ලබාදීම යන චෝදනාවන්ට ලක්ව සිටියේය.