FAST NEWS

24×7 Around the Globe

මීගමුව, ගල්කන්දේ මාර්ගය අවහිර කළ 19 දෙනා යළි රිමාන්ඩ්..

අධිකරණ නියෝග නොතකමින් මීගමුව, ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ බවට  අත්අඩංගුවට ගත් පුද්ගලයින් 19 දෙනා ලබන 16 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කීරිමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

පසුගිය 03 වනදා දිවයින පුරා ක්‍රියාත්මක වූ පෞද්ගලික බස් වර්ජනයක් අතරතුර මීගමුව, ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ අනුව පොදු දේපළවලට හානි සිදු කිරීම, අධිකරණයට අපහාස කිරීම, පොලිස් රාජකාරි කටයුතුවලට බාධා කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.