FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ නැවකින් කොකෙන් කිලෝග්‍රෑම් 800ක් මතුවෙයි..

කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම නෞකාව පරික්ෂා කළේ, අධිකරණ නියෝගයක් අනුව ය.

එම කාර්යංශය ප්‍රකාශ කළේ, දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ, ඉන්දියාව බලා යාත්‍රා කිරීමට බව ය.

අදාළ නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවක් මත පරික්ෂා කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය.