සිරියා සෙබලුන් විසිපස් දෙනෙකු ඝාතනය කරන ආකාරය ඇතුලත් වීඩියෝ පටයක් අයිඑස් ත්‍රස්තවාදින් අන්තර්ජාලයට එක්කර තිබේ.
පැල්මයිරා ඓතිහාසික රෝම රඟහලේ නටඹුන් අතර සිටිමින් අයිඑස් ත්‍රස්තවාදින් සිරියා සෙබලුන්ට වෙඩි තබන ආකාරයයි එහි ඇතුලත්ව තිබුණි.
අයිඑස් කණ්ඩායම පසුගිය මැයි මාසයේදි පැල්මයිරා නගරය ඇතුළු ස්ථාන කිහිපයක බලය තහවුරු කරගත්තේය.
අයිඑස් ත්‍රස්තවාදින්ගේ විශාල කළු ධජයක් යට පෙලගැස්වූ සිරියා සෙබලුන්ට වෙඩි තැබීම දෙස රෝම රඟහලේ පියගැට මත රැඳී සිටින පිරිසක් නරඹන ආකාරයට වීඩියෝ පටය සකසා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
[youtube url=”https://www.youtube.com/watch?v=XBVAWDuZ-OE” width=”560″ height=”315″]







