නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදක කමිටු මගින් පිළියෙළ කරන ලද වාර්තා පිළිබඳ විවාදය ලබන වසරේ ජනවාරි මස 09,10 සහ 11 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායකයන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.
එ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු විවාදය ලෙස එය පැවැත්වීමට නියමිත අතරමෙදින ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගීවීමට නියමිත බව පැවසේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පතක් මේවන තෙක් සකස්කර නොමැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් අනුව ඒසඳහා සුදුසු යෝජනා ලබාගැනීම සිදුකිරීමට නියමිතය.
මූලික අයිතිවාසිකම්, අධිකරණය, මුදල්, නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම රජය පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර සබඳතා යන ක්ෂේත්‍ර පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අනුකාරක සභා හයක් පත් කරන ලද අතර, එම අනු කාරක සභා වාර්තා මෙහෙයුම් කමිටුවේ සැලකිල්ලට භාජනය කිරීමට ප්‍රථම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස මේ වනවිට ඉදිරිපත් තිබේ.