FAST NEWS

24×7 Around the Globe

ඉරාකයේ හා සිරියාවේ ජිහාඩ් අන්තවාදීන් 50,000ක් මියගිහින්…

ඉරාකයේ හා සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහි ප්‍රහාර ඇරඹීමත් සමග මේ දක්වා වසර දෙකක කාල සීමාව තුළ ජිහාඩ් අන්තවාදීන් 50,000ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජිහාඩ් අන්තවාදීන්ට සිදුවූ හානිය දැක්වෙන මෙම අගයන් ආසන්න ඇස්තමේන්තු මත ප්‍රකාශ කරන බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය මෙන්ම, රුසියාවද මේ වනවිට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

මේ ආකාරයෙන් තම ත්‍රස්තයන් විශාල පිරිසක් මේ වනවිට අහිමි වී තිබුණත්, ඔවුන් සාමාන්‍ය වැසියන්ද වේගයෙන් සිය මෙහෙයුම්වලට සම්බන්ධ කරගැනීමක් මෙන්ම, අලුතින් බඳවා ගැනීම් සිදුකරන බවද ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.