FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියානු ජනපතිනීයට එරෙහි දෝෂාභියෝග ජන්දය අද…

මීත්‍ර සංග්‍රහයක් කරමින් රාජ්‍ය සම්පත් අවභාවිත කළැයි පැවසේන දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි ට එරෙහි දෝෂාභියෝග යෝජනාව වෙනුවෙන් එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (09දා) පැවැත්වීමට නියමිතය.

ඇය සිය පෞද්ගලික සහායිකාවක හා අගේ සමීප මිතුරියක වූ චොයි සූන්-සිල් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා අයුතු බලයක් ලබාදීම යන චෝදනාවන්ට ලක්ව සිටී.