FAST NEWS

24×7 Around the Globe

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු රංජීත් ප්‍රනාන්දු…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර අැති බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 1975 ලෝක කුසලාන තරගාවලියේදී එක්දින තරග 03 කට ක්‍රීඩා කර ඇති ප්‍රනාන්දු මහතා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස පවත්වන්නේ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමගිනි.

මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ප්‍රනාන්දු මහතා ශාන්ත බෙනඩික් විදුහලේ ආදි සිසුවෙකි.