FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාන්‍යාධිකාරීවරයෙකු රිමාන්ඩ් කෙරේ..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ‘ස්මාර්ට් ඩයල් ප්ලස්‘ නැමැති දුරකථන ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ඇමතුම් මගින් ලැබිය යුතු ඩොලර් 46000ක් (රුපියල් 6 821 110) පමණ වංචා කළැයි සැකපිට එහි සමාන්‍යාධිකාරී අජිත් දේවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(8)  නියෝග කළේය.

ඔහු එම ආයතනයේ පරිගණක පද්ධතියට ඇතුළු වී දුරකථන අංක රැසකට විදේශ ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසා ඇති බවත් මේ වන විට සිදුකළ පරීක්ෂණ අනුව රුපියල් හාරලක්ෂයට පමණ පාඩුවක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව  අද අධිකරණයට දැන්වීය.