FAST NEWS

24×7 Around the Globe

රටේ ආරක්ෂක හමුදාව ශක්තිමත් කරනවා – දුර්වල කරන්නේ නෑ .. – ජනපති

රටේ ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම විනා එම අංශ දුර්වල කිරීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

එසේම ආරක්ෂක අංශ දුර්වල වී ඇතැයි නගන චෝදනාවල සත්‍යතාවක් නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් ආරක්ෂාව ගැන පැහැදිලි වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“අද විවිධ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජනතාව නොමග යවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවම තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ. බලය ලබාගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරන වැරදි මත නිසා අවසානයේ දුක්වෙන්නේ ජනතාව. ඒ වගේම ඉන්දීය ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන රට තුළ අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා කියලා මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලනවා. අපි සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් අත්සන් කරන බව මම වගකීමෙන් කියනවා. එය කැබිනට් එකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කිව යුතුයි.