FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ ගින්නක් – පුද්ගලයෙකු මරුට…

අද (08) අලුයම කොළඹ වරායේ විවේකාගාරයක හටගත් හදිසි ගින්නකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

අද අලුයම ඇතිවූ මෙම ගින්න පොලීසිය සහ වරාය ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව මේ වනවිට මැඩපවත්වා ඇති බවෙ පොලිසීය පවසයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ වයස අවුරුදු 38 ක් බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.