FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි 07 සඳහා වු දඩය සංශෝධනය නොකෙරේ…

රථ වාහන වැරදි හතකට ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25000 දඩය සංශෝධනය නොකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි ඇමැති මණ්‌ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (07දා) ප්‍රකාශ කළේය.

බීමතින් රිය පැදවීම
අධික වේගය
රියදුරු බලපත්‍රය නොමැති වීම
වමෙන් ඉස්‌සර කිරීම
රක්‍ෂණාවරණයක්‌ නොමැති වීම.
අනාරක්‍ෂිත ලෙස දුම්රිය හරස්‌ මාර්ගවලින් ධාවනය රියෑදුරු බලපත්‍රයක්‌ නොමැති අයකුට ධාවනයට ඉඩ සැලැස්‌වීම.

යන වැරදිවලට මෙලෙස රුපියල් 25,000 දඩය ගැසීමට නියමිතය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම දඩය පිළිබඳ ඇමැති මණ්‌ඩලය තුළ සාකච්ඡා වූ බවයි.

දඩ මුදල වෙනස්‌ නොකිරීම සම්බන්ධව කැබිනට්‌ මණ්‌ඩලය තුළ ඒකමතික එකඟත්වයක්‌ ලැබී ඇතැයිද කී ඇමැතිවරයා දැනට නීතිගතවී නැති වමෙන් ඉස්‌සර කිරීමේ සහ අධික වේගයෙන් රිය පැදවීම යන කරුණු පළමුව නීතිගත කිරීමට සාකච්ඡා වූ බවද ඒ සඳහාත් රුපියල් 25000 ක දඩයක්‌ ක්‍රියාත්මක කරනවාද යන්න පසුව සාකච්ඡා කරන බවද පැවැසුවේය.