FAST NEWS

24×7 Around the Globe

පානදුර දකුණ පොලිසීයේ ප්‍රධාන IPගේ වැඩ තහනම්..

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර දකුණ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමකට ලක් කර ඇති බව වාර්තා වේ.

පානදුර පොලීසියේ තිබූ පිස්තෝල තුනක් අස්ථානගත වීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබු බව පොලිස් මුලස්ථානය පවසයි.

අස්ථානගතවී තිබූ පිස්තෝල වලින් දෙකක් අපරාධකරුවෙකු සතුව තිබී සොයාගැනීමට  හැකිවී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එ අනුව මේ සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.