FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ පිරිසකට මෛත්‍රී නාම යෝජනා නොදෙයි ?

පසුගිය කාලයේ චෝදනා එල්ල වූ ශ්‍රීලනිපයේ පිරිසකට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දක්වන කණ්ඩායමේ කිහිප දෙනෙක් ද ඒ අතර සිටිති. ඔවුන් කළුතර, කොළඹ, කුරුණෑගල හා දකුණු පළාත නියෝජනය කරන බව ද කියති.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකුට ද නාමයෝජනා නොලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය සෙනසුරාදා (06) කීවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාට නාමයෝජනා දීමට පොදු එකඟතාවයකට පැමිණ ඇති බවයි.

නාමයෝජනා කමිටුව අද (06) ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතය.

චෝදනා එල්ල වී ඇති පිරිසට නාමයෝජනා නොදෙන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටිය දී සහාය දැක්වූ පිරිසක් ඉල්ලා තිබිණි.