FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා ආරක්ෂක සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය..

රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් අද(07දා) අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය කාලය තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මරමස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටි සන්නද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානවලින් ඉවත් කර රටේ නීතිය හා සාමය රැකීමට යෙදවීමට සිදු වූ බැවින් එකී ස්ථානවල ආරක්ෂාව සඳහා මෙම සමාගම පිහිටුවා තිබූ බව අද (07)කැබිනට් තීරණ දැනුම් දෙමින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

රටේ වත්මන් සාමකාමී වාතාවරණය යටතේ එවැනි ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් ඇති බව එම නිවේදනයේ සඳහන් ය.

රක්නා ආරක්ෂක ලංකා සමාගම දැනට සිදු කරන ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරෙනු ඇත