FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධ CID පරික්ෂණ අවසන් කරන්නැයි නියෝග..

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය අවසන් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කළේය.

කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ඇතුළු හය දෙනකුගෙන් යුත් කමිටුව පරීක්ෂණයේ වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම නියෝගය සිදු කළේය.

පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමාධිපති, හිටපු මන්ත්‍රී, උඩුවේ ධම්මාලෝක හිමි පොලිස්පතිට කළ පැමිණිල්ල අනුව අදාළ පරික්ෂණ ඇරඹිණි.