ඉදිරි මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද හිමි නාමලේඛන සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකදී කාර්යාල වේලාවන් තුළ ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
ඒ අනුව 2014 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය, අධ්‍යාපන, කම්කරු හා කම්කරු සබඳතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන යන අමාත්‍යංශවලත්, නාගරික සංවර්ධන අධිකාරිය, තැපැල් මූලස්ථානය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනවලත් ප්‍රදර්ශනය කෙරේ.
ඊට අමතරව ග්‍රාම නිලධාරී කාර්යාලවලද අදාළ ලේඛන ප්‍රදර්ශනයට තබන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථාන වලින් නොමිලයේ ලබාගත හැකි අතර තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ලබන 14දා අවසන් වන බැවින් අදාළ කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
++++++++++++++++++++++++++++ (update)
මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම අද සිට.
2015 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා බාරගැනීම අද (06දා) සිට 13 වැනිදා දහවල් 12.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා ලබාගැනීම සිදුකරන අතර, මන්නාරම, වවුනියාව, මුලතිව් පරිපාලන දිස්ත්‍රික්ක තුන එකතු වී සකස් කර තිබෙනා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත්, කිලිනොච්චිය, යාපනය පරිපාලන දිස්ත්‍රික්ක එකතු වී සකස් වී තිබෙනා යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ නාමයෝජනා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත්, දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ නාමයෝජනා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත් බාරගැනීම සිදුවේ.
මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම්වලට වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මීට අමතරව ස්වාධීන කණ්ඩායම් විසින් පවත්වාගෙන යන ප්‍රචාරක කාර්යාල තුළ වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට අදාළ පෝස්ටර, බැනර් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත්, ඡන්ද ගණන් කිරීමේදී ලබාගෙන තිබෙනා ඡන්ද ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා මන්ත්‍රී ධුරයක් හිමි නොවනවානම්, වෙනත් පක්ෂවල මනාප ගණන් කිරීම, නිරීක්ෂණය කිරීමට ඉඩ ලබානොදෙන බවත් පවසා සිටියේය.
ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් 12ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.







