FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති පුජීත් ගැන පියවර ගැනීමට පොලිස් කොමීසමට බෑ…

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිදුකළ ආන්දෝලනාත්මක දුරකථන සංවාදය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිසමට බලය පැවරී තිබෙන්නේ පොලිස්පතිවරයාගෙන් පහළ තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමට බවද ඔහු පවසා සිටියේය.

එහෙත් ඕනෑම අයෙකුට පොලීසියේ කටයුතු සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත්, ඒ සෑම පැමිණිල්ලක්ම බාරගැනීමට කටයුතු කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ පත්වීම්බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බවද හෙතෙම පවසා සිටියේය.