FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ සුමාත්‍රා ආශ්‍රීතව රික්ටර් පරිමාණයේ 6.5 ක භූ කම්පනයක්..

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි, අචේ පළාතේ සිදුවූ රික්ටර් පරිමාණ 6.5ක භූ කම්පනයකින් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති නිසා පුද්ගලයන් ඒ තුළ සිරවී සිටිනු ඇති බවද විශ්වාස පැවසේ.

අචේ පළාතේ ආපදා කළමනාකරණ ආයතන නිලධාරියෙකු විසින් ජීවිත හානි 20කට වඩා සිදුව ඇති බව තහවුරු කළ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

මේ අතර, තවත් 40කට ආසන්න පිරිසක් භූ කම්පනයෙන් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එරට වේලාවෙන් අලුයම 5.03 ට පමණ භූ කම්පනය සිදුව ඇති අතර, අචේ පළාතට උතුරින් පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර් 17.2ක් පමණ ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.