FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළ වර්ධනයක් පෙන්නුම් කෙරෙයි…

 

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ(05) වර්ධනයක් පෙන්නුම් කළ අතර සති තුනකින් පසුව ඉහළම අගයන් සටහන් කර තිබේ.

ඒ, පසුගිය සතියේදී කොටස් වෙළදපොළ මිල ගණන් මාස 8කින් අවම අගයන්ට පත්වීමෙන් අනතුරුවයි.

සමස්ත දර්ශකය ඊයේ(05) දිනය අවසානයේදී 6368ක් ලෙස සටහන් වූ අතර ඒ, නොවැම්බර් 15 වන දායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.

විශේෂයෙන් බැංකු කොටස් වල මිල ගණන් ඉහළ යාමක් ඊයේ(05) දක්නට ලැබුණි.

විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 13.5ක කොටස් ඊයේ(05) මිලදී ගත් අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවීමට සමත් විය.