FAST NEWS

24×7 Around the Globe

ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක හදිසි අනතුරකින් රෝහල් ගත කරයි.

දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් බිහිවූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ රාත්‍රීයේ ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී මොහු ගමන්ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබූ එම්.ජී ධනුෂ්ක හා ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.

ගායන ශිල්පියා සුළු තුවාල ලබා ඇති බවත්, තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී කියා සිටියේය.