FAST NEWS

24×7 Around the Globe

නවීකරණය කළ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව විවෘත කෙරේ..

කඳාන ප්‍රදේශයේ ඉදිකරන ලද ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ නව යන්ත්‍ර සූත්‍ර බලගැන්වීම සහ නවිකරණය කරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු කෙරුණි.

මෙම කර්මාන්ත ශාලාව තුළින් ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව සියයට සියයකින් වැඩි කර ගත හැකි බවට අපේක්ෂා කෙරෙයි.

මෙම ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීම සඳහා 2016 අයවැයෙන් රුපියල් මිලින 500ක මුදලක් හා 2015 වසරේදි රුපියල් මිලියන 200ක මුදලක් වැය කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.