FAST NEWS

24×7 Around the Globe

ඇපල් සමාගම ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක…

 

දිනෙන් දින නව නිර්මාණ ලොවට ඉදිරිපත් කරන ඇපල් සමාගම නව ව්‍යාපෘතියකට මුල පිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇපල් සමාගම රියදුරන් රහිත ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීමට මුදල් ආයෝජනයට සුදානම් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මීට පෙර ඇපල් සමාගම මෙම නිර්මාණය සිදු කිරීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණ ද ඇපල් සමාගම එය නිලවශයෙන් ප්‍රකාශ කර නැත.

නමුත් ඇමෙරිකානු ප්‍රවාහන නියාමන බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් ඇපල් සමාගම “ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ස්වයංක්‍රිය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන බව” පැවසීමත් සමග එය සනාථ වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම google  සමාගම මේවන විටත් ස්වයංක්‍රිය මෝටර් රථ අත්හදා බලමින් සිටීයි.