FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට පුගොඩ අධිකරණයෙන් සහනයක්…

හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට මහාධිකරණයෙන් අවසර දෙතොත් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින්නැයි පනවා ඇති නියෝගය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු විදෙස් ගතවන කාල සීමාවට අවලංගු කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පූගොඩ අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කර තිබෙන අතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මාස තුනක් ඇමරිකාවට යෑමට අවසර ඉල්ලා ඔහු මහාධිකරණයට ගොනු කළ පෙත්සමට අදාළ තීන්දුව දෙසැම්බර් 10 වැනිදා ලබාදීමට නියමිතය.