FAST NEWS

24×7 Around the Globe

ඩොලරය ඉහළ යාමෙන් බඩු මිළත් ඉහලට…

 

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවල මිල ඉදිරියේදී සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

මේ වන විට රට තුළ දැවැන්ත මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව පැවසු මන්ත්‍රීවරයා, රුපියල කෘතිම ලෙස රැක ගැනීම සඳහා ඩොලර් අලෙවි කිරීම හේතුවෙන් විදේශ සංචිතය අඩුවන බවද කියා සිටියේය.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය අවසානයේදී ඩොලරයේ අගය පැවතියේ රුපියල් 131ක් ලෙස බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

ඒ වන විට ශ්‍රී ලංකාව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක ජාත්‍යන්තර සංචිතයක් තිබූ බවත් එය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා අඩු වී ඇති බවත්, ඔහු සඳහන් කළේය.