FAST NEWS

24×7 Around the Globe

අවිස්සාවේල්ල අැගළුම් ආයතනයක සේවකයින් 86 ක් රෝහල්ගත කෙරේ…

අවිස්සාවේල්ල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් ආයතනයක සේවකයින් 86 දෙනෙකු ආසාධිත තත්ත්වයක් හේතුවෙන් අද (05දා) පෙ.ව. 10.00 ට පමණ රෝහල් ගත කර ඇතැයි  වාර්තා වේ.

උදරාබාධය, ක්ලාන්තය හා වමනය යන රෝගී තත්ත්වයන් යටතේ ඔවුන් රෝහල් ගත කර ඇති බව පැවසේ.

සේවිකාවන් 28ක් හා සේවකයන් 58ක් මෙම ගැටලුවට මුහුණදී ඇති අතර ආසාධිත තත්ත්වයට හේතුවන කුමක්දැයි මෙතෙක් අණාවරණය වී නොමැත.