FAST NEWS

24×7 Around the Globe

ඉතාලි අගමැති මැටියෝ රෙන්ස් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

ඉතාලි ජනමත විචාරණයේ පරාජයත් සමග එරට අගමැති මැටියෝ රෙන්සි ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉතාලියේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුද යන්න සම්බන්ධයෙන් මෙම ජනමත විචාරණය පැවැත්විණි.

එහිදී අගමැති රෙන්සි කියා සිටියේ ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් තමා ඉල්ලා අස්වන බවයි.

සිය ධූරයෙන් සමුගනිමින් අගමැතිවරයා සංවේදී කථාවක් කළ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

‘රජය වෙනුවෙන් මගේ අත්දැකීම් මෙතෙකින් අවසන්. මෙය ජයග්‍රහණයක් කරා ගෙනයාමට මම සියලු දේ කළා. ඔබ අරමුණක් වෙනුවෙන් සටන් කළොත් ඔබ පරාජය වෙන්නේ නෑ‘ යැයි රෙන්සි සඳහන් කරයි.

යෝජනා කරන ලද නව ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සඳහා ඉතාලි ජනයාගෙන් සියයට 60ක පිරිසක් විරෝධය පළ කර ඇති අතර එය ඉතාලි පාර්ලිමේන්තු ක්‍රමවේදයේ සහ ව්‍යවස්ථාවේ වෙනස් කම් සිදුකිරීමට කළ උත්සාහය අතුගා දැමීමක් බව දේශපාලන විචාරකයෝ කියති.