FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත අගමැති ජොන් කී ධුරයෙන් ඉවත් වෙයි…

නවසීලන්ත අගමැති ජෝන් කී සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තමාට තනතුරින් ඉවත්වීමට සුදුසුම වේලාව මෙය බව කියමින් අගමැතිවරයා ඉල්ලා අස්වී ඇති අතර නවකයකුට අවස්ථාවක් දීම සඳහා තමා එවැන්නක් සිදුකළ බවත් ඔහු සඳහන් කර ඇත.

ඔහු අගමැති ධූරයෙන් මෙන්ම එරට ජාතික පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ජෝන් කී කියා ඇත්තේ තම ඡන්ද කොට්ඨාසයට සේවය කිරීමට විශේෂ වරප්‍රසාදයක් ලැබුණු බවයි.

තමා ඡන්දයකින් ප්‍රතික්ෂේප වනතුරු පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

2008 වසරේ සිට නවසීලන්තයේ අගමැති ධූරය හෙබවූ ජෝන් කී එළැඹෙන මැතිවරණයේ දී සිය පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නව නායකයකුට අවස්ථාව ලබාදුන් බව පවසා සිටී.