FAST NEWS

24×7 Around the Globe

දඩ මුදල් සංශෝධනය ගැන තීරණාත්මක සාකච්ජාවක් අද…

දඩ මුදල් සංශෝධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ මණ්ඩලය හා බස් සංගම් නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (05) කොළඹදී පැවැත්වේ.

ජනාධිපතිවරයා සහ බස් සංගම් අතර පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය නවතා දැමීමට බස් සංගම් විසින් තීරණය කළ අතර ඔවුන්ගේ ගැටලු සඳහා පිළියම් යෙදවීමේ අරමුණින් ඉහත කී මණ්ඩලය ජනාධිපතිවරයාගේ නියෝග මත පත් කරන ලදී.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ ‍ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්, රථවාහන අංශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති, නීතිපතිවරයා විසින් පත්කරනු ලබන ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ ජනාධිපති අතිරේක ‍ලේකම්වරයාගෙන් සමන්විත එම මණ්ඩලය සමග බස් සංගම් සහ ප්‍රවාහන සංගම් නියෝජිතයන් ඇතුළු පිරිස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.