FAST NEWS

24×7 Around the Globe

බස් වර්ජනයට සහය දෙමින් කලහකාරීව හැසිරුණු පිරිස ලබන 9 දක්වා රිමාන්ඩ්…

 

බස් වර්ජනයට සහය දෙමින් ඊයේ(02) මීගමුව ( Negombo ) ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු ත්‍රිරෝද රථ රියදුරන් 18 දෙනා සහ බස් රියැදුරා ලබන 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ(02) උදෑසන ත්‍රිරෝද රථකරුවන් සහ බස් රථ සේවකයින් පිරිසක් මීගමුව – හලාවත ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මහා මාර්ගයේ මෙන්ම දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල විය.