FAST NEWS

24×7 Around the Globe

බස් වර්ජනයෙන් ලංගමයේ ආදායම රුපියල් මිලියන 120 දක්වා ඉහලට…

 

පෞද්ගලික බස් රථ වර්ජනය පැවති සිකුරාදා දිනයේ  ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 120ක් බව එම මණ්ඩලය පවසන ලදි.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ එය සියයට 66ක වැඩිවීමක් බවයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ  සාමාන්‍ය දෛනික අදායම රුපියල් මිලියන 72ක් වන බව සඳහන්ය.

නමුත් ඊයේ(02) දිනයේ දෛනික ආදායම රුපියල් මිලියන 120ක් වූ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිර්වර්ධන මහතා සඳහන් කළේය.