FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය සුළු වශයෙන් වැඩිවෙයි…

 

අපනයනකරුවන් ඩොලර් විකිණීමේ ප්‍රවනතාව මැද රුපියලේ අගය සුළු වශයෙන් ශක්තිමත් වීමක් සති අන්තය වන විට දක්නට ලැබුණි.

ඩොලරයක් සඳහා රුපියලේ අගය ඊයේ(02) සටහන් වූයේ රුපියල් 148යි ශත 85ත්, 95ත් අතර ප්‍රමාණයකයි.

කෙසේ නමුත්, ඇමරිකාවේ නව ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති යටතේ ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියලේ අගය ඉදිරියේදී තවදුරටත් පහත වැටෙනු ඇති බව තැරැව්කරුවන් අපේක්ෂා කරනු ලැබේ.

විදේශීය ආයෝජකයන් පසුගිය මාස එකහමාරක කාලය තුළ රුපියල් බිලියන 39කට ආසන්න මෙරට සුරැකුම්පත් ආයෝජන ඉවත් කරගනු ලැබීය.

ඒ, ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාතික ඉහළ නංවනු ඇතැයි අපේක්ෂාවෙන්ය.