FAST NEWS

24×7 Around the Globe

සෑම වෙළෙඳ සැලකම තරාදි අනිවාර්ය කෙරෙයි…

 

ගෑස් සිලින්ඩර් ඇතුළු පාරිභෝගික ජනතාව එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩවල බර කිරා මැන බැලීමට සෑම වෙළෙඳ සැලකම තරාදියක් තිබීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවැසීය.

පාරිභෝගික ජනතාව එදිනෙදා මිලදී ගන්නා සහල්, පරිප්පු, තේ කොළ, ධාන්‍ය වර්ග, කිරිපිටි වර්ග සහ මස්මාළුවල නියමිත බර නැතැයි වාර්තාවන බවත්, මේ නිසා ජනතාව ඉල්ලා සිටි බර නිවැරදිව තිබේද යන්න මැන බැලීම සඳහා තරාදියක් සෑම වෙළෙඳ සැලකම තිබිය යුතු බවත් එම අධිකාරිය සඳහන් කළේය.

මීට අමතරව ගෑස් සිලින්ඩරවල බර කිරා මැන බැලීම සඳහා තරාදියක් තිබිය යුතු බවත්, බර කිරා බැලීමට පාරිභෝගිකයාට අයිතියක් තිබෙන බවත් එම අධිකාරිය පෙන්වා දෙනු ලැබීය.

මේ පිළිබඳ සියලුම පැමිණිලි, එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ 0117755481 – 5 දක්වා අංකවලින් සහ 0771088914 / 0771088707යන දුරකථන අංක ඔස්සේ බස්නාහිර පළාත් ජනතාවගේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

මීට අමතරව දකුණු පළාත තුළ සිදුවන ගැටලුවකදී  0771088903, උතුරු පළාතේ ගැටලු 0771088914, ඌව හා නැගෙනහිර පළාතේ ගැටලු 0771088895, උතුරු මැද පළාත් ගැටලු  0771088907, සබරගමු පළාත් ගැටලු 0771088904, වයඹ පළාත් ගැටලු 0771088902 සහ මධ්‍යම පළාත් ගැටලු 0771088905 යන දුරකථන අංක මගින්ද ඉදිරිපත් කළ හැකිය.