FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතාවක් නිසා පුරහල අවටත් දැඩි රථ වාහන තදබදයක්…

 

ත්‍රීරෝද රථ හිමියන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ – පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙන අතර එම ප්‍රදේශයේ මාර්ගයන්හි ගමනා ගමනයටද දැඩි බාධා එල්ල වී තිබේ.

මාර්ග වැරදි සඳහා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහය පළ කරමින් ත්‍රීරෝද රථ සංගම් විසින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ.