FAST NEWS

24×7 Around the Globe

බස් වර්ජනය ක්‍රියාත්මකයි – මගීන් දැඩි අපහසුතාවයට හා පීඩාවට…

ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට දිප ව්‍යාප්ත බස් වර්ජනයක් ආරම්භ කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.

යෝජිත රථ වාහන දඩ ක්‍රමය ඉවත් කර ගන්නා ලෙස බලකරමින් වර්ජනය මෙම ක්‍රියාත්මක කර තිබේ.

වර්ජනය සඳහා ත්‍රී රෝද රථ, පාසල් වැන් රථ ඇතුළු රථ වාහන වෘත්තිය සමිති කිහිපයක ද සහය ලැබෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති  ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා  ප්‍රකාශ කළේය.

කෙසේ වුවද මෙම වර්ජනය සඳහා ප්‍රධාන බස් සංගම් කිහිපයක් සහය ලබාදී නැත.

වර්ජනය හේතුවෙන් මගී ප්‍රවාහනය අඩාලවිම වැළැක්විම සදහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ  ප්‍රවාහන කටයුතු සඳදහා ලංගම බස් රථ හැකි උපරිමයෙන් යෙදවිමට පියවර ගෙන ඇති බවයි.

වර්ජනය අඛණ්ඩව පැවතියහොත්  සාමාන්‍ය පෙළ සිසුන් ප්‍රවාහනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර නගරාසන්න ප්‍රදේශවල සාමාන්‍ය දුම්රියට අමතරව විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

කෙසේ වෙතත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනයා තම රාජකාරී කටයුතු සඳහා යාමේදී  දැඩි අපහසුතාවන්ට හා පීඩාවට පත්ව මග දෙපස රැඳී සිටින බව වාර්තා වේ.