FAST NEWS

24×7 Around the Globe

කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය දීම ගැන සලකා බැලේ..

‍ෙපෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම කුමාර් ගුණරතනම් රටින් පිටුවහල් කරන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ කුමාර් ගුණරතනම් මහතාගේ සිර දඩුවම් කාලය ලබන 9 වැනිදා අවසන්වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ගුණරතන්ම් මහතා පැහැරගෙන ගියේ පසුගිය රජය බවත් ඔවුන් දැන් කිඹුල් කඳුළු හෙලන බවත්ය.