FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රී පැවැත්වීමට නියමීතව තිබු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි…

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පවරා ගැනීම, අවිධිමත් සේවක බඳවා ගැනීම ඇතුළු කරුණු 4ක් මුල් කරගෙන අද (1) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති 50ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පවසයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කීය.