FAST NEWS

24×7 Around the Globe

අපරීක්ෂාකාරීව ගමනේ යන ප්‍රභූ රථ ගැන වාර්තාවක් දෙන්නැයි ජනපති කියයි..

වාහනවල ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ ගමන් කරන ප්‍රභූන් පිළිබඳව අද (01) සිට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කළේය.

අද (01) කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති මාර්ග ආරක්ෂක සතිය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මෙම නියෝග කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මාර්ග ආරක්ෂාව පිළිබඳව සැළකීමේදී ප්‍රභූන් සමාජයට ආදර්ශයක් ලබාදිය යුතු බවයි.