FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු 05 කට අධිකරණයෙන් නොතීසි..

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වග උත්තරකරුවන් 05 දෙනෙකුට ලබන ජනවාරි 11 දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද(01දා) නොතීසි නිකුත් කර තිබේ.

මාලඹේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මාලඹේ ප්‍රදේශයේ අක්කර 02 ක වගුරු බිමක් නිසි අවසරයකින් තොරව ගොඩ කර හමුදා නිලධාරීන් සදහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සූදානම් වන බවත් එය ජන ජීවිතයට පීඩාවක් බවත් සදහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.