FAST NEWS

24×7 Around the Globe

හිටපු ලංගම සභාපති ඇතුළු සිව්දෙනෙකුට රට යෑම තහනම්…

ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ සැපයීමේ සිද්ධියකදී රජයට රුපියල් කෝටි 12ක මුදලක් පාඩු කළැයි පවතින නඩුවකට අදාළව ලංගම හිටපු සභාපති ඇතුළු සිව් දෙනකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.

ඒ අනුව හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම, ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය කළමනාකරු සංජීව වෛද්‍යතිලක, මූල්‍ය කළමනාකරු සුමිත් හෙට්ටිආරච්චි සහ නන්දන මෝටර්ස් හිමිකරු නන්දන ප්‍රියන්ත පෙරේරා යන අයට විදෙස් ගමන් තහනම් කෙරුණි.