FAST NEWS

24×7 Around the Globe

ගොකරැල්ල බස් රථ අනතුරකින් 12 දෙනෙකුට තුවාල..

ගොකරැල්ල, ඉබ්බාගමුව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) උදෑසන මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය කියයි.

අනුරාධපුර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.