FAST NEWS

24×7 Around the Globe

ධීවරයින්ට ටැබ් පරිගණක ලබා දීමට රුපියල් මිලියන 183ක

මෙරට ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරමින් සිටින බව වාර්තා වේ.

ඒ සඳහා දැනටමත් රජය විසින් රුපියල් මිලියන 183ක මුදලක් වෙන් කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම ටැබ් පරිගණක ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධීවරයින්ට දැනුම ලබාදීම සඳහා වැඩමුළු කිහිපයක්ද පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.