FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයන්ට මරු කැඳවු ගුවන්යානා අනතුරට හේතුව හෙළි වේ..

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් සමඟ පුද්ගලයන් 77 දෙනෙකුට මරු කැඳවමීන් කොළොම්බියාවේදී සිදුවූ ගුවන් යානා අනතුරට හේතුව එහි ඉන්ධන නොමැතිවීම බවට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

එ අනුව යානයේ නියමුවන් විසින් එහි අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොමැති බව සහ කාර්මික දෝෂයක් ඇති බවට පාලක මැදිරියට දන්වා ඇති බව ගුවන් යානයේ කලුපෙට්ටියේ පටිගත වී තිබූ දත්තවලට අනුව අනාවරණය වී තිබේ.

යානය අනතුරට පත්වන අවස්ථාවේ අඩි 9000 ක් පමණ ඉහළින් ගමන් කරමින් සිට ඇති බව පැවසේ.