FAST NEWS

24×7 Around the Globe

වමෙන් ඉස්සර කිරීමේ දඩයට අදාළ වගන්තිය සංශෝධනය කෙරේ..!

විශේෂ රථවාහන වැරදි හතක් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25,000 දඩ අතරින් වමෙන් ඉස්සරකිරීම යන වගන්තිය පමණක් සංශෝධනය කිරීමට මැදිහත්වන බව ඊයේ (30) ප්‍රවාහන සංගම් සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රවාහන සා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම යෝජිත නීතිය හා දඩය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයටත් අදාළ නීතිය බලගැන්වීමේ පාර්ශ්ව වෙතත් කරුණු ඉදිරිපත් කර ඒ පිළිබඳ සහනයක් ලබාදීමට තමා එකඟවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ත්‍රීවීල් සඳහා පනවා ඇති හතළිහේ වේග සීමාව පනහ දක්වා වැඩි විය යුතු බව හා යතුරුපැදිවල වේග සීමාව පනහේ සිට හැත්තෑව දක්වා සංශෝධනය විය යුතු බව තමා ද පිළිගන්නා බවත් ඒ අනුව මෙම නීති අද හෙට ක්‍රියාත්මක නොවන බවත් මෝටර් රථ ආඥා පනත සංශෝධනය වීමෙන් සිදුවන බවත් මෙහිදි පැවසීය.

එම නිසා මෙම දඩ මුදල් පිළිබඳව පවතින දුර්මතවලට අනුව කලබල නොවන ලෙසත් අනවශ්‍ය වර්ජනවලට නොයන ලෙසත් තමා ඉල්ලා සිටින බව ද පැවසීය.