FAST NEWS

24×7 Around the Globe

ඔපෙක් බොරතෙල් බැරල් මිලියන 1.2ක් කප්පාදුවක් – 8% කින් මීල ඉහළට..

ඔපෙක් සංවිධානය විසින් තෙල් සැපයුම දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට තීරණය කිරීමත් සමග බොරතෙල් මිලෙහි ඉහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔපෙක් සංවිධානයට අයත් රටවල් තෙල් බැරල් මිලියන 33.64 ක් දිනකට සපයන අතර, ඔවුන් මෙම නව එකඟත්වයට අනුව දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට තීරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව, බොරතෙල් මිලෙහි 8% ක පමණ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව බ්ලූම්බර්ග් දත්ත පෙන්වා දෙන බවද මාධ්‍ය වාර්තා පවසයි.

දිනෙන් දිනම ලෝකයේ බොරතෙල් මිල පහළ යෑම මේ ආකාරයෙන් තෙල් සැපයුම කපාහැරීමේ තීරණයට හේතුව බවද පැවසේ.