FAST NEWS

24×7 Around the Globe

අතිරේක භෝග වගා ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ වෙයි…

 

මෙවර මහ කන්නයේදී අතිරේක භෝග වගා කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ඒ අනුව මුං, රටකජු, බඩ ඉරිගු, උදු, කවුපි වැනි භෝග මෙලෙස වගා කෙරෙන අතිරේක භෝග අතරට එක් වේ.

මෙම වගාවන්ට යොමු වන ගොවීන්ට සියයට 50ක සහනාධාරයක් මත බීජ සපයන බවද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන ලදි.