FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් 01 වැනිදා සිට ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි..

 

දෙසැම්බර් 01 වන දා සිට සතියක කාලයක් ලංගම රියදුරු, කොන්දොස්තර, කාර්මික යන කේෂත්‍රයන් හි නියුතු සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

අද (29) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදි අමාත්‍යවරයා විසින්  මේ සම්බන්ධව උපදෙස් ලබා දුන් බව හෙතෙම පැවසීය.

එසේම ප්‍රවාහන සේවයේ ඇති විය හැකි හදිසි වර්ජන අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ධාවනය කරවන ලබන 5300ක් වු බස් රථ සංඛ්‍යාව 6000ක් දක්වා වැඩිකොට ධාවනය සදහා යෙදවීමටද කටයුතු කර ඇති බවද සභාපතිවරයා පැවසීය.