FAST NEWS

24×7 Around the Globe

තාජුඩින් ඝාතන සිද්ධියට අනුර හා සුමීත් යළි රිමාන්ඩ්…

වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 14 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

එසේම හිටපු වෛද්‍ය අධිකාරී ආනන්ද සමරසේකර සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණය සම්බන්ධ වාර්තාව ද දෙසැම්බර් 30 වැනිදාට පෙර ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.