FAST NEWS

24×7 Around the Globe

ආවා කණ්ඩායමේ 11 දෙනෙකුට ඇප ලැබෙයි..

ආවා නමින් කණ්ඩායමක් නිර්මාණය කර උතුරු පළාතේ විවිධ නීති විරෝධී කටයුතු වල යෙදුණු බව කියමින් රිමාන්ඩ් කරනු ලැබ සිටි 11 දෙනකු  ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරි  අතර විදෙස් ගමන් ද තහනම් කළේය.

සෑම මසකම දෙවැනි ඉරිදා යාපනය රහස් පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියම කෙරුණි.

ආවා නමැති අයකුගේ මූලිකත්වයෙන් යාපනයේ තරුණ පිරිසක් සම්බන්ධ කරගනිමින් ආවා කල්ලිය නිර්මාණය කරගෙන තිබූ අතර ඔවුහු පසුගිය දිනවල උතුරු පළාතේ විවිධ මංකොල්ලකෑම් හා පහරදීම්වලට සම්බන්ධවූ බව කියති.