FAST NEWS

24×7 Around the Globe

වාහන පවරා ගැනීමේ ලේඛන දිස්ත්‍රික් කාර්යාලවලට බාරදෙන්න..

විවෘත ලියවිලි මත පවතින වාහන එහි හිමිකරුවන් වෙත පවරාගැනීමට අදාළ ලේඛන දිස්ත්‍රික් කාර්යාලවලින්ද බාරගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ‍ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසන්නේ දෙපාර්තුමේන්තුව තුල අධික තදබදය වලක්වාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

විවෘත ලියවිලි මත පවතින වාහන එහි හිමිකරුවන් වෙත පවරාගැනීමට ලබාදී තිබූ කාල සීමාව අදින්(30) අවසන්වීමට නියමිතව තිබූණි.